Monday, September 21, 2009


හුරුවට ගිනි අවි අත දරා ගිය
බිහිසුණු යුධ පිටියේ පෙර ගමනේ ගිය
ශාරිරයේ අවයවයන් නැතිව ගිය
රණවිරු නාමේ තව දුරටත් රුගෙන ගිය




බිහිසුණු යුධ අතිතය කවි කරන්නට
ලැබුණා ඔවදනක් නිර්මාණය නගන්නට
එස්.අයි. ප්‍රදිප් රණවිරුවා පරිගණකයට
දැක්වු දක්ෂකම් බෙදන්නේ අප රුවනට


18විය පිරෙන්නේ බිහිසුණු යුධ යුගයේ
මුලික පුහුණු ලබන්නේ සදහිඅත්ත කන්ඩියේ
14වන ජාතික ආරක්ෂක බල මුලුයේ
සෙබලකු ලෙසයි සේවය කර සිටියේ



දිගාමඩුලු දිස්ත්‍රික්කය නැගෙනහිර පලාතෙනේ
මව්බිම උපන් සිංහල කොල්ලෙකු වන්නේ

ජිවිත පුජාවෙන් රට රැකුමට ගියානේ
සුමිත් චන්ද්‍රසේකර රණවිරුවා මමනේ


නිතිය සාමය රකින්නට තම ජිවේ දැරු
එස් අයි ප්‍රදිප් රණවිරුවා මගේ ගුරු
පරිගණකයට අතහුරු කරවන්නට දැරු
ප්‍රථිපලයට මම ඔබහට ණයයි ගුරු


හමුදාවක් ලෙස බැදිලා අප රට රැක්කානේ
කළ සේවයේදි අප ආබාධිතයන් වුවානේ
අපේ අහිමාණය නැවතත් ගොඩ ගන්නේ
ප්‍රසාද් ලොකුපිටිය මහතුන්නේ

රට කරවන මුලික සභාවේ
ලේකම් තමියගේ අනු ශාසනාවේ
විශ්‍රාමිකයන්ගේ නායක තුමාවේ
එතුමත් සිටි මේ මුලික සභාවේ


කරනා උතුම් මෙහෙවර තව දුරට
රුක ගන්නට රණවිරුවන්ගේ අභිමාණයට
නන් අයුරින් උදවු කල සියල්ලට
පුද කරමි ගෞරවය මම සියල්ලට

යුධ්ධය නම් නිමයි දැන් සුභ අතට
ශ්‍රි ලංකාවම දැන් සුරපුරයක් කරන්නට
සැවොම එක් වෙලා කෙරුවොත් වැඩ හොදට
වැඩිකල් නොගොස් සුරපුරයකි මගේ රට

No comments:

Post a Comment