Wednesday, October 21, 2009

2009ක් වු ඔක්තෝම්බර් මස 13 වැනි අගහරුවාදා දින මා හට ඉතා සතුටු ද්‍රයක දිනයක් විය. රණවිරුවන් 60කින් පවත්වනු ලැබු පරිගණක පාඪමාලාව අවසානයෙදි 25ක් ඉතිරිව සාර්ථකව නිම කර විසිර යාමේ උත්සවය අති සාර්ථකව පැවැත්වුවෙමි. එදින ප්‍රධාන ආරාථිත අමුත්තා වශයෙන් ආචාර්්‍ය වෛද්‍ය නියෝජ්‍ය මුදල් හා ස්වදේශ රජ්‍ය පරිපාලන අමාත්‍ය ගරු සරත් අමුණුගම මැතිතුමාද විශ්‍රාම වැටුප් අධ්‍යකෂක කේ තිලකරන්න මැතිතුමා වැනි සම්භාවනිය අමුත්තන් සහ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ ඉහල නිලධාරින් සහභාගි විය. එදින අපගේ වෙබ් අඩවි එළි දැක්විම හා අපගේ විස්තර සදහන් වන ග්‍රන්ථයක් පිට කරන ලදි. මෙම පුංච උත්සවය සාර්ථක කර ගැනිම සදහා පැමිණි සියලු දෙනාට මගේ ප්‍රණාමය මෙහි පුදකර සිටිමි.

Saturday, October 10, 2009

දණය බලය මිනිසා නසන කල
ආගම දාමින් මිනිසා රකින කල
මිරිගූව පසු පසු මිනිසුන් ලූහු බදින කල
රටක් හැදි හැකි වෙයිදෝ මෙවන් කල
සුලුජාති මහාජාති වංශයෙන්ද බෙදෙන්නේ
දාමින් දාම වංශයෙන්ද බෙදෙන්නේ
පොහොසත් දුප්පත් ලෙසද බෙදෙන්නේ
එනමුත් රට තුල එකට වෙසේන්නේ

Sunday, October 4, 2009

ආයුබෝවන් මම ඔබ පිලිගන්නේ
එන්න කියා ඇරයුම් මින් ගෙන එන්නේ
වරදක් ඇතොත් මට පෙන්වා දෙන්නේ
ගුණ දෝස ඔබේ මම අගයන්නේ


අන්තර් ජාලයේ ඇති මගේ වෙබ් පිටුවේ
රසවත් කරන්නට කරුණාක් ඇත ඔබ සිතුවේ
දෙන්නකෝ යෝජනා වෝදනා මගේ වෙබ් පිටුවේ
ආයුබෝවන් මම ඔබහට සාදරයෙන් හිස නැමුවේ