Thursday, September 17, 2009

අද ඔබට මේ අත්දැකිම කියන්නට මා ජිවිත් විම ද හාස්කම්කි කල්මාඩු කදවුරේන් ප්‍රතිකාර කර ප්‍රධාන කල්කුඩා කදවුරට ගෙනවිත් රෝහල් ගෙනයැම සිදුවේ දෙවන වරටත් මගේ ජිවිතය සතුරා විසින් බිලි ගැනිමට ආසන්නව තිබුණි.එය මා මෙසේ කියන්නේ සිහිමුර්ජාව හිටි මා රැගෙන යමින් සිටි යුනිකෝන් බපල් රථයට ත්‍රස්තවාදින් විසින් ප්‍රහාරයක් එල්ල කිරිම නිසයි.එහෙත් උපන් බිම වෙනුවෙන් යුතුකම් ඉටු කිරිමට ගිය මා මාගේ පණ නල සිදලිමට සතුරාට නොහැකි විය. දින 3කට පසු මාහට පියවි සිහිය ලැබෙන විට මා සිටියේ පේරාදෙණිය රෝහලේ ඇදක් මතය. කල්කුඩා කදවුරේ සිට ගුවන් මගින් පොලෝනනරු මහා රෝහලට ගෙනවිත් ඉන් පසු මහානුවර රෝහලටද ඉන් අනතුරුව මා පේරාදෙණිය රෝහලට රැගෙන විත් තිබුනි. වම් පාදය දණ හිසට පහලින් කපා ඉවත් කර ඉතිරි කොටස ගල් බැන්ඩේජ දමා දකුණු පාදය වෙලුම් කර තිබුනි.ත්‍රස්ත ප්‍රහාරයෙන් වම් පාදය අහිමි වු මම යුධ බිමෙන් ජිවිත යුධ බිමට පිවිසුනි.
හද යොවුන් වියේදි ආබාධිත වු මා හට සසර පුරුදු ලෙසින් මගේ ජිවිතයට ශක්තියක් ධෛර්යයක් වාසනාවද රුගෙන මගේ ඉරණම්කාරිය එක්තර දිනයක මට හමුවිය. ඇය නමින් අනුරුද්ධිකා පෙරේරාය අප 2000 වසරේ දිනයක නෑසිය අසිරි මැද අතගීලි බැද ගත්තේමු.

No comments:

Post a Comment