Wednesday, October 21, 2009
2009ක් වු ඔක්තෝම්බර් මස 13 වැනි අගහරුවාදා දින මා හට ඉතා සතුටු ද්‍රයක දිනයක් විය. රණවිරුවන් 60කින් පවත්වනු ලැබු පරිගණක පාඪමාලාව අවසානයෙදි 25ක් ඉතිරිව සාර්ථකව නිම කර විසිර යාමේ උත්සවය අති සාර්ථකව පැවැත්වුවෙමි. එදින ප්‍රධාන ආරාථිත අමුත්තා වශයෙන් ආචාර්්‍ය වෛද්‍ය නියෝජ්‍ය මුදල් හා ස්වදේශ රජ්‍ය පරිපාලන අමාත්‍ය ගරු සරත් අමුණුගම මැතිතුමාද විශ්‍රාම වැටුප් අධ්‍යකෂක කේ තිලකරන්න මැතිතුමා වැනි සම්භාවනිය අමුත්තන් සහ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ ඉහල නිලධාරින් සහභාගි විය. එදින අපගේ වෙබ් අඩවි එළි දැක්විම හා අපගේ විස්තර සදහන් වන ග්‍රන්ථයක් පිට කරන ලදි. මෙම පුංච උත්සවය සාර්ථක කර ගැනිම සදහා පැමිණි සියලු දෙනාට මගේ ප්‍රණාමය මෙහි පුදකර සිටිමි.
Saturday, October 10, 2009
Sunday, October 4, 2009
Monday, September 21, 2009
හුරුවට ගිනි අවි අත දරා ගිය
බිහිසුණු යුධ පිටියේ පෙර ගමනේ ගිය
ශාරිරයේ අවයවයන් නැතිව ගිය
රණවිරු නාමේ තව දුරටත් රුගෙන ගිය
බිහිසුණු යුධ අතිතය කවි කරන්නට
ලැබුණා ඔවදනක් නිර්මාණය නගන්නට
එස්.අයි. ප්‍රදිප් රණවිරුවා පරිගණකයට
දැක්වු දක්ෂකම් බෙදන්නේ අප රුවනට
18විය පිරෙන්නේ බිහිසුණු යුධ යුගයේ
මුලික පුහුණු ලබන්නේ සදහිඅත්ත කන්ඩියේ
14වන ජාතික ආරක්ෂක බල මුලුයේ
සෙබලකු ලෙසයි සේවය කර සිටියේ
දිගාමඩුලු දිස්ත්‍රික්කය නැගෙනහිර පලාතෙනේ
මව්බිම උපන් සිංහල කොල්ලෙකු වන්නේ
ජිවිත පුජාවෙන් රට රැකුමට ගියානේ
සුමිත් චන්ද්‍රසේකර රණවිරුවා මමනේ
නිතිය සාමය රකින්නට තම ජිවේ දැරු
එස් අයි ප්‍රදිප් රණවිරුවා මගේ ගුරු
පරිගණකයට අතහුරු කරවන්නට දැරු
ප්‍රථිපලයට මම ඔබහට ණයයි ගුරු
හමුදාවක් ලෙස බැදිලා අප රට රැක්කානේ
කළ සේවයේදි අප ආබාධිතයන් වුවානේ
අපේ අහිමාණය නැවතත් ගොඩ ගන්නේ
ප්‍රසාද් ලොකුපිටිය මහතුන්නේ
රට කරවන මුලික සභාවේ
ලේකම් තමියගේ අනු ශාසනාවේ
විශ්‍රාමිකයන්ගේ නායක තුමාවේ
එතුමත් සිටි මේ මුලික සභාවේ
කරනා උතුම් මෙහෙවර තව දුරට
රුක ගන්නට රණවිරුවන්ගේ අභිමාණයට
නන් අයුරින් උදවු කල සියල්ලට
පුද කරමි ගෞරවය මම සියල්ලට
යුධ්ධය නම් නිමයි දැන් සුභ අතට
ශ්‍රි ලංකාවම දැන් සුරපුරයක් කරන්නට
සැවොම එක් වෙලා කෙරුවොත් වැඩ හොදට
වැඩිකල් නොගොස් සුරපුරයකි මගේ රට
Thursday, September 17, 2009
දෙවරක් ත්‍රස්තයින්ට ඩැහැ ගැනිමට නොහැකි වු මගේ ජිවිතයේ බිහිසුණු අත්දැකිම...
ඔබ මේ කතාව කියවිමට රිසි දැයි මම නොදනිමි.එහෙත් මම එය සටහන් කර තැබිමට සුදානම් වෙමි.අප උපන් මාතෘභුමිය සුණුවිණු කර දෙමළ ඊලාම් සිහින මවමින් පැමිණි රුදුරු ත්‍රස්තයින් පරාද කර මා දයාබර වීරෝදාර සෙබලුන් දෙමළ ඊලාම් සිහිනය සුණු විසුණු කල මෙවන් යුගයක සෙබළ චන්ද්‍රසේකර නැමැති මා තරම් සංතෘප්තිය විදින කෙනෙකු ඇද්දැයි මම නොදනිමි.
ත්‍රස්තවාදින් තම් නායකයාගේ උපන් දිනය සමරන්නට පුරුදු සිටියේ අංහිසක මිනිසුන් අමු අමුවේ කපා කොටා ඝාතතය කර හො අපේ හමුදාවන්ට සැගවි ප්‍රහාර එල්ල කරමින්ය. එවන් වු යුගයක ත්‍රස්තවාදි නායකයාගේ උපන් දිනය වෙනුවෙන් ගොදුරු සොයන සතියේ 96 11 21 දින රාත්‍රයේ යක්ෂයාට කැප වු හෝරාවයි හාත්පස අදුරෙන් වෙලුණි ඔලු අහිමි වු තල් කදන් අප දෙස බලා සිටියේ දස මහා යෝධයන් මෙනි. කල්මාඩු කදවුර අවට පරිසරය රැහැයි හඩින් ගීතවත් විය. මිතුරු සෙබලුන් සමග මාද රාත්‍රි මුර රාජකාරියේ යෙදි සිටියෙමි. හදිසියේම පරිසරෙය් වෙනසක් දැණුනි. කල්මාඩු කදවුර ත්‍රස්තයාගේ රකුසු ඇස්වලට හසුවි තිබෙන බව අපට ඉවෙන් මෙන් වැටහුණි. ලේ පිපාසිත ත්‍රස්තයාගේ සාහසික ගිනිබට ගොදුරු සොයමින් අප දෙසට ඇදෙන ආකාරය අදුරේ වුවද අපට හොදින් දර්ශනය විය. හදිසියේ ගිනි ඇව්ලුණි. පරිසරයේ වෙනස් විම් සමගම සතුරා අප වට කරගෙන ඇති බව ඒ වනටිටත් දැනගෙන සිටියෙමු ගතෙහි දහඩියත් සිතෙහි දිහිරියත් ජිවිතය හා මරණය අතර විරත්වයත් මතු වු රාත්‍රියෙහි ප්‍රතිප්‍රහාර හමුවේ සතුරා පලා ගියේ පරාජය දෙයතින් බාර ගනිමිනි.
ඊළග දිනට හිරු උදා වුවාත් හිරු කලින්ම නින්දට ගියේය. සතුරා අදුරු අහුමුලු වල සැග වි සිටිමින් අප දෙස බලා සිටින බව අපි වටහා ගෙන සිටියේමු අප මාර්ග සෝදිසියේ නිරත විසිටියේ කුඔුරුමුල්ල සිට වැටුප් ගෙවිමට මුදල් රැෙගන ඒන සෙහා්දර ෙසබලුන්ෙග් අාරක්ෂාව සදහාය. සැගවි සිටි ත්‍රස්ථවාදින්ෙග් දරුණු ප්‍රහාරයකට අප මුහුණ දුන්ෙන්මු.නිහඩ බව බිදි තුවක්කු හඩ දසත පැතිෙරයි. මගේ ගිනි බටයද ගිනියම් වි තිබුණි. සතුරාගේ පපු කුහර බලා වෙඩි උණ්ඩ ඉගිල ගියේ ඊතල පහරවල් මෙනි. ගත වුයේ නිමේසයකි. මගේ දණහිසට කුලුගෙඩි පහරක් වැදුණාක් මෙන් මට දැනුණි.එහෙත් මම දිරියෙන් සටන් කළෙමි. එහෙත් දණ හිසින් නොකඩවා අධික ලෙස ලේ විදිම නිසා ශාරිරය දුර්වල වෙමින් වු මා වසන්ත චම්පික සොයුරු සෙබළා මා කර හොවාගෙන කදවුර වෙත ගෙන ආවේය. ඒ බිහිසුණු මොහොත අද ද මට සිහිනයක් බදුය.
අද ඔබට මේ අත්දැකිම කියන්නට මා ජිවිත් විම ද හාස්කම්කි කල්මාඩු කදවුරේන් ප්‍රතිකාර කර ප්‍රධාන කල්කුඩා කදවුරට ගෙනවිත් රෝහල් ගෙනයැම සිදුවේ දෙවන වරටත් මගේ ජිවිතය සතුරා විසින් බිලි ගැනිමට ආසන්නව තිබුණි.එය මා මෙසේ කියන්නේ සිහිමුර්ජාව හිටි මා රැගෙන යමින් සිටි යුනිකෝන් බපල් රථයට ත්‍රස්තවාදින් විසින් ප්‍රහාරයක් එල්ල කිරිම නිසයි.එහෙත් උපන් බිම වෙනුවෙන් යුතුකම් ඉටු කිරිමට ගිය මා මාගේ පණ නල සිදලිමට සතුරාට නොහැකි විය. දින 3කට පසු මාහට පියවි සිහිය ලැබෙන විට මා සිටියේ පේරාදෙණිය රෝහලේ ඇදක් මතය. කල්කුඩා කදවුරේ සිට ගුවන් මගින් පොලෝනනරු මහා රෝහලට ගෙනවිත් ඉන් පසු මහානුවර රෝහලටද ඉන් අනතුරුව මා පේරාදෙණිය රෝහලට රැගෙන විත් තිබුනි. වම් පාදය දණ හිසට පහලින් කපා ඉවත් කර ඉතිරි කොටස ගල් බැන්ඩේජ දමා දකුණු පාදය වෙලුම් කර තිබුනි.ත්‍රස්ත ප්‍රහාරයෙන් වම් පාදය අහිමි වු මම යුධ බිමෙන් ජිවිත යුධ බිමට පිවිසුනි.
හද යොවුන් වියේදි ආබාධිත වු මා හට සසර පුරුදු ලෙසින් මගේ ජිවිතයට ශක්තියක් ධෛර්යයක් වාසනාවද රුගෙන මගේ ඉරණම්කාරිය එක්තර දිනයක මට හමුවිය. ඇය නමින් අනුරුද්ධිකා පෙරේරාය අප 2000 වසරේ දිනයක නෑසිය අසිරි මැද අතගීලි බැද ගත්තේමු.
Wednesday, September 9, 2009
Tuesday, September 8, 2009
Thursday, August 6, 2009
Wednesday, August 5, 2009
Tuesday, August 4, 2009
ඔබ මෙ ඇසිමට රිසිදැයි මා නොදනිමි. එහෙත් මා මෙය කියන්නට සුදනම්. අහන්න බිදක් කියන්නම් වදන් පෙළක්. පෙරදිග ධාන්‍යාගාරය බවට අපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවටත් නම් දරා සිටියත් 84 වර්ෂ ආරම්භයේ දශක තුනක කාලයක් ගස් ගල් හඩා වැලපුනා. මව් සෙනෙහස දෝර ගලා ගිය. දරුවෝ පිය සෙනෙහස නැතුව තනිවුනා . රට ගිලගන්න ආ යකෂයෝ සෝහොන් කරන්නට මව් කිරිවල සුවද දන්නා එඩිතර පුතුන් පියවර ගත්තේ එදා දසමහ යෝධයන් මෙනි.
මා ශි ලංකා යුධ හමුදවේ ආබාධිත රණවිරුවෙකි අපහට ඇති අභිමානය තවත් ඔප්නංවමින් තොරතුරු තාක්ෂණයෙන් වශ්ව ලෝකයේ සැරිසරන්නට අප දයාබර උප පොලිස් පරික්ෂක පුදිප් රණවිරුවා ලබාදුන් පරිගණක දැනුමෙන් මා නමින් වෙබ් පිටුවක් මා විසින්ම ඇරඔු වගයි. මට හරිම සතුටුයි මාට මාගේ ග්‍යෙරවය පුද කරමි
Subscribe to:
Posts (Atom)